අත්‍යවශ්‍ය සේවා සඳහා සංචරණ සීමා මැද ගමන් කරන වාහන සඳහා හෙට (07) දිනයේ සිට තවත් විශේෂිත ස්ටිකරයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
ඒ අනුව හෙට දිනයේදී අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට පැමිණෙන වාහන එක් ස්ථානයකදී තොරතුරු ලබාදිය යුතු බැවින් යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවද ඔහු පවසයි.
අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන පිරිස් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මෙම නව ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කර ඇති බවත් මෙම නව ස්ටිකරය සංචරණ සීමා බලපැවැත්වෙන සම්පූර්ණ කාලය සඳහාම අදාළ වෙන බවත් ඔහු පවසයි.
ඒ සම්බන්ධ සියලු විස්තර පසුව දැනුම් දෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ වැඩිදුරටත් පවසයි.
Views: 0










