මුහුණු ආවරණය කොට ගත් පිරිසක් වවුනියාව, ආච්චිපුරම් ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එම නිවසේ නිදා සිටි එකම පවුලේ හය දෙනකු තියුණු ආයුදවලින් කපා කොටා පහරදී පලා ගොස් ඇතැයි වවුනියාව පොලිසිය කියයි.
නිවැසියන් නිදා සිටින අවස්ථාවේ පැමිණ ඇති මෙම කල්ලිය නිවසෙහි සිටි පිරිමි පුද්ගලයින් සිව්දෙනකුට හා කාන්තාවන් දෙදෙනකුට මෙලෙස තියුණු ආයුධවලින් පහරදී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
මෙම පිරිස නිවසෙහි විදුලි උපකරණ හා යතුරු පැදි දෙකකටද අලාභ හානි සිදුකොට ඇති බවද පොලිසිය පවසයි.
පහරදීමෙන් කැපුම් තුවාල ලබාසිටි පුද්ගලයින් ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීම මත වවුනියාව දිසා රෝහලට ඇතුළත් කොට ඇත.
මෙය පුද්ගලික ආරවුලක් මත සිදු වූ පහරදීමක් බවට සැකපලකරන බව පොලිසිය පවසයි.
Views: 0










