පෞද්ගලික සමූපකාර බැංකුවකින් රු. කෝටි 91ක් වංචාකළ අධ්‍යක්ෂවරයකු අත්අඩංගුවට

පෞද්ගලික සමූපකාර බැංකුවකින් රු. කෝටි 91ක් වංචාකළ අධ්‍යක්ෂවරයකු අත්අඩංගුවට

රුපියල් කෝටි 91ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයමින් සිටි සැකකරුවෙකු බිබිල ප්‍රදේශයේ සැඟව සිටියදී එම දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 8 වෙනිදා වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මහරගම වත්තේගෙදර පදිංචි ප්‍රියංක කුමාර (44) නැමැති නැමති අයෙකි.

මෙම සැකකරු 2017, 2018 යන වර්ෂවලදී දිවයින පුරාම පැවති අදාළ පෞද්ගලික බැංකුවේ ශාඛා මඟින් මෙම මුදල වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය සිදු කර ඇත්තේ අදාල බැංකුවේ මුදල් තැන්පත් කර ඇති තැන්පත් කරුවන් විසින් කරන ලද පැමිණිල්ලක් මතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්