මඟුල් කෑම තහනම්!

මඟුල් කෑම තහනම්!

විවාහ මංගලෝත්සව පැවැත්විම සති දෙකක කාලයකට තහනම් කිරිමට තීරණය කල බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි. මෙම තහනම ලබන සඳුදා(03) සිට ක්‍රියාත්මක වන බවත් සති දෙකක කාලසීමාව අවසානයේ තත්වය සමාලෝචනය කර තහනම ඉවත් කරනවාද නැද්ද යන්න තීරණය කරන බවත් යුධහමුදාපතිවරයා පවසයි.

මීට දින කිහිපයකට පෙර සියලුම ආකාරයේ සම්භාෂණ සහ උත්සව පැවැත්වීම තහනම් කලත් ආරාධිතයන් 150කට නොවැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් විවාහ මංගලෝත්සව පැවැත්විමට අවසර හිමිව තිබුණි.

Facebook
Twitter
LinkedIn