හැටන්, කොටගල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සහකාර කළමනාකාරවරයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම බැංකු ශාඛාව විෂබිජහරණය කර තාවකාලිකව වසා දමා ඇතැයි වාර්තා වේ.
බැංකුවේ කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමු කිරීමට පියවර ගත් බවත් අදාළ බැංකුවේ සහකාර කළමනාකාරවරයාගේ බිරිඳට මීට පෙර කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි තැනැත්තියක බවත් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Views: 0










