කොරෝනා ආසාදිතයෙකු මියයයි – ගිරිබාව රෝහලත් වහයි

කොරෝනා ආසාදිතයෙකු මියයයි – ගිරිබාව රෝහලත් වහයි

කොවිඩ් – 19 වයිරසය ආසාධිත රෝගියකු මරණයට පත්විමත් සමග ගිරිබාව රෝහල තාවකාලිකව වසා දැමිමට කටයුතු කර තිබේ.

මරණයට පත්වි ඇත්තේ වරාවැව පදිංචි 68 හැවිරිදි කාන්තාවක් බව රෝහල් ආරංචිහාර්ග සඳහන් කරයි.

අදාල කාන්තාව දින කිපයකට පෙර කැස්ස හා සෙම් රෝගයක් හේතුවෙන් ගිරිබාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තැනැත්තියකි.

ගිරිබාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම කාන්තාව අසාධ්‍ය විමත් සමග තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මරණයට පත්ව ඇති අතර එහිදි සිදුකල ඇන්ටිජන් පරික්ෂණයකින් මෙම කාන්තාව කොවිඩ් – 19 ආසාධිතව සිටි බවට සනාථ වි ඇත.

මේ හේතුවෙන් ගිරිබාව රෝහලේ නේවාසිකව සිටි අනෙකුත් රෝගින් වෙනත් ආසන්න රෝහල් වෙත මාරු කර යැවිමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.

ගිරිබාව රෝහලේ සේවකයන් 30කට ආසන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලය PCR පරික්ෂණ සඳහා යොමු කර ඇති අතර පරික්ෂණ වාර්තා එන තුරු ස්වයං නිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.

Facebook
Twitter
LinkedIn