ජවිපෙ මැයි දිනය අන්තර්ජාලයෙන්…

ජවිපෙ මැයි දිනය අන්තර්ජාලයෙන්…

පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ ජනතා විමුක්ති පෙරමුණ මැයි දින රැලිය පැවැත්වීමට යොදාගෙන තිබුණු සැලසුම් වෙනස් කර, එය අන්තර්ජාලය ඔස්සේ පමණක් පවත්වනු ලබන බව එම පක්ෂය පවසයි.

අද (28) පෙරවරුවේ එම ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව පැවසූ අතර මැයි 01 දින පෙරවරු 10.00 ට අන්තර් ජාලය ඔස්සේ මැයි දින සැමරුම සිදුකිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn