මේ වන විට ඉන්දියාව පුරා දරුණු අන්දමින් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා රැල්ලෙන් බේරීමට එරට ඉහළම ධනවතුන් රටෙන් පැන යන බව මාධ්‍ය වාර්තා පළකර තිබේ.
මෙසේ පැන යන පිරිස පෞද්ගලික ජෙට්යානාවල නැගී වෙනත් රටවල්වලට ගොස් ඇති බව එරට මාධ්‍ය වැඩිදුරටත් හෙළිකර ඇත. විශේෂයෙන්ම ද්විත්වය පුරවැසිභාවය හිමි කෝටිපතියන් මෙසේ පැනයන අය අතර ප්‍රමුඛයන් වී ඇති බව හෙළිවේ.
මේ අතර ඉන්දියාව මේ වන විට පත්වී තිබෙන අතිශය අනතුරුදායී තත්වයෙන් මුදවා ගැනීම සඳහා රටවල් රැසකින් වෛද්‍යාධාර ඇතුළු මූලික අවශ්‍ය ආධාර ලබාදෙන බවද ලෝකයේ ප්රමුඛ පෙළේ සමාගම්ද ඒ අතරට එක්වී ඇති බවද මාධ්‍ය වාර්තාවල දැක්වේ. මේ වන විට එරට තුළ ඔක්සිජන් සැපයීම සම්බන්ධයෙන් පවතින පාතාල ව්‍යාපාරයන් නිසා ජනතාවගේ නිවාස, ඉඩකඩම් සහ රථවාහන පවා විකුණා දමමින් ඔක්සිජන් ලබාගැනීමට අදාළ මුදල් සොයා ගන්නා බව අනාවරණය කර තිබේ.
Views: 0










