විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය ලැබිය හැකි කාලසීමව ලියාපදිංචි වී වසර 10ක් ලෙස මෙතෙක් කලක් තිබූ කොන්දේසිය අභියාචනාධිකරණය විසින් බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබේ.
වෛද්‍ය පීඨ ශිෂ්‍යයින් 16 දෙනෙකු අභියාචනාධිකරණය හමුවේ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් සිය ශිෂ්‍යභාවය අහෝසි කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම රීට් ආඥාව නිකුත් කර තිබේ.
කැලණිය, පේරාදෙණිය සහ රුහුණු විශ්ව විද්‍යාලයන් හී වෛද්‍ය ශිෂ්‍යයන් 16 දෙනකු වන ඔවුන්ගේ ශිෂ්‍යභාවය වෛද්‍ය ශිෂ්‍ය අත්පොතෙහි රෙගුලාසි අනුව වෛද්‍ය පීඨයේ ලියාපදිංචි වී වසර 10 ක කාලයක් ඉක්මවා ඇති බැවින් අහෝසි කිරීමට එම විශ්ව විද්‍යාලයන් හී පාලනාධිකාරිය ගත් තීරණයන් බලරහිත කරමින් අභියාචනාධිකරණය මෙහිදී රිට් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇත.
ඊට අමතරව වෛද්‍ය පීඨයේ ලියාපදිංචි වී වසර 10ක කාලයක් ඉක්මවා යෑමෙන් ශිෂ්‍යභාවය අහෝසි වන බවට සදහන් රෙගුලාසිය ද අහෝසි කරමින් අභියාචනාධිකරණය තවත් රිට් ආඥවක් නිකුත් කළේය.
කැලණිය , පේරාදෙණිය සහ රුහුණු විශ්ව විද්‍යාලයන්හී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 16 දෙනකු ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස එම විශ්ව විද්‍යාලයන් හී ලේඛකාධිකාරීවරුන් , වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.










