යෝජිත කොළඹ වරාය කොමිෂන් සභාවේ සියලු සාමාජිකයන් ශ්‍රී ලාංකිකයන් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත.
ඔහු එහිදී මෙසේ පවසා තිබේ. ‘ජනාධිපතිවරයා විසින් අවම සාමාජිකයන් පහක් සහ උපරිම සාමාජිකයන් හතක් දක්වා මෙම කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කළ යුතුයි. ඒ පත්කිරීමේ වෙනත් කිසිදු නිර්නායකයකට හෝ වෙනත් ආයතනයක සුපරීක්ෂණයකට හෝ යටත් කිරීමක් මෙහිදී සිදුකර නැහැ.‘ යනුවෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.
මෙම කොමිෂන් සභාව සම්බන්ධයෙන් පනත් කෙටුම්පතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති නඩු විභාගයේදී ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කරන බව ප්‍රකාශ කර තිබිණි. ඒ අතරින් එකක් වූයේ මෙම සාමාජිකයන් පත්කිරීමය. සාමාජිකයන් හත්දෙනෙක් පත්කරන්නේ නම්, අනිවාර්යයෙන් ලාංකිකයන් සිවුදෙනෙක් පත්කරන බවත් සාමජිකයන් පස්දෙනෙක් පත්කරන්නේ නම් තිදෙනෙක් පත්කරන බවත්, දන්වා තිබිණි.










