දිනකට පී.සී.ආර්. 15000ක් වත් කළ යුතුයි….

දිනකට පී.සී.ආර්. 15000ක් වත් කළ යුතුයි….

මේ වන විට අනතුරු දායක තත්වයට වර්ධනය වෙමින් තිබෙන කොරෝනා වෛරසය පාලනය කිරීමට නම් දිස්ත්‍රික් මට්ටමෙන් අවම වශයෙන් දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 15000ක් වත් සිදුකළ යුතු බව අවධාරණය කර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව අවධාරණය කර ඇත. ආසාදිතයන් වැඩිවශයෙන් හඳුනාගැනීමෙන් මෙය පාලනය කිරීමට මූලික පියවර ගත හැකි බව ඔහු පවසා ඇත.

මේ අතර මෙරට තුළ දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 25000ක් පමණ සිදුකළ හැකිව තිබියදී, සිදුකරමින් ඇත්තේ 7000ක් පමණ බව පසුගිය සතියේ වෘත්තීය සංගම් හෙළිකර තිබිණ.

Facebook
Twitter
LinkedIn