අම්පාර – කෑගල්ල දිස්ත්‍රික්වල පාසල් වසා දැමේ

අම්පාර – කෑගල්ල දිස්ත්‍රික්වල පාසල් වසා දැමේ

කොවිඩ් -19 අවධානමත් සමඟ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පළාත් සභා යටතේ පාලනය වන සියළුම පාසැල් වසා දැමිමට කටයුතු කර ඇත.

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසන්නේ කොරෝනා අවදානම ඉහල යාම හේතුවෙන් මෙම පියවර ගත් බවයි. අධ්‍යාපන අමාත්‍යංශය මගින් සෘජුව පාලනය වන ජාතික පාසැල් සදහා මෙම තීරණය බල නොපායි.

එසේම සතියක කාලයක් සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම පාසැල් වසා දැමීමට දිස්ත්‍රික් අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ. ඊට අමතරව අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 13ක් ද එළඹෙන 30 වෙනිදා දක්වා වසා දමා තිබේ.

Facebook
Twitter
LinkedIn