කොරෝනා පාලනයට ජනතාව නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතුයි – ජනපති

කොරෝනා පාලනයට ජනතාව නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතුයි – ජනපති

කොවිඩ් වසංගතයේ අභියෝගය සාර්ථකව ජය ගැනීමට නම් වසංගතය පැතිර ගිය පළමු වටයේ දී කලාක් මෙන් සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීති රීති හා උපදෙස් ජනතාව අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති ගෝටාබය රාජපක්ෂ අවධාරණය කරසිටියි.

ජනාධිපති ලේකම් කාර්‍යාලය අද(25) නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වේ.

“කොවිඩ් 19 ව්‍යාප්තිය පිටුදැකීමේ කොඳුනාරටිය වනුයේ මූලික මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ (24) ජිනීවා නුවරදී යළිත් වරක් අවධාරණය කළේය. නිසි පරිදි මුහුණු ආවරණය, සබන් හෝ විෂ බීජ නාශක යොදා විටින් විට දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, අනවශ්‍ය ගමන් බිමන් වලින් සහ උත්සව සහ සාද වැනි ඒකරාශීවීම් වලින් වැලකී සිටීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම හා ශික්ෂණයක් සහිත විනයගරුක සමාජ චර්යාව වෛරස ව්‍යාප්තිය නතර කිරීමට සාර්ථක විසඳුමක් බව එවැනි ශික්ෂණයක් පෙන්නුම් කළ සියලු රටවල අත්දැකීමය.

එබැවින් රජය සිය කාර්ය ඉටුකරන අතර, ජනතාව රටේත්, තමාගේත් සුබ සිද්ධිය තකා ස්වකීය වගකීම සහ යුතුකම ඉටුකළ යුතු බව ජනාධිපතිතුමා අදහස් කරයි.”

Facebook
Twitter
LinkedIn