රාජ්‍ය – පෞද්ගලික උත්සවවලට ආණ්ඩුවෙන් තහනම් නියෝගයක්

රාජ්‍ය – පෞද්ගලික උත්සවවලට ආණ්ඩුවෙන් තහනම් නියෝගයක්

අද (25) සිට ක්‍රියාත්මක වන පරිදි ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධානය කර තිබු සියලු රාජ්‍ය උත්සව , පෞද්ගලික අංශයේ සියලු උත්සව, රැස්වීම් හා සාද නතර කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සම්බන්ධ වන නිවේදනයක් අද සවස ජනපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇත. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ මංගල උත්සව පැවැත්වීම සඳහා පමණක් අවසර ලබා දෙන්නේ මංගල උත්සව කලින් සූදානම් කරගෙන ඇති බැවින් ඒවා නවතා දැමිය නොහැකි නිසා යැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Facebook
Twitter
LinkedIn