ගේ කඩපු වන්දිය ගන්න කලින් වන අලියට ජීවිතයෙන් වන්දි ගෙවූ අම්මා – වීඩියෝ සහිතයි

ගේ කඩපු වන්දිය ගන්න කලින් වන අලියට ජීවිතයෙන් වන්දි ගෙවූ අම්මා – වීඩියෝ සහිතයි

ගිරිඳුරුකෝට්ටේ උල්හිටිය දියවර ගම්මානයේ 54 හැවිරිදි දෙදරු මවක් ඊයේ (25) දින අලුයම් කාලයේදී වන අලි ප්‍රහාරයකින් මියගොස් තිබේ.

වන අලියා සිය නිවසට පහරදෙන අවස්ථාවේදී බියට පත් ඇය නිවසින් පිටතට යෑමේදී මෙලෙස වන අලියාගේ ප්‍රහාරයට ලක්ව මියගොස් තිබුණි. මීට දිනකට පෙර එම ගම්මානයේම 66 හැවිරිදි කාන්තාවක්ද වන අලි පහරදීමකින් මිය ගියේය.

එම ස්ථානයට පැමිණි හිටපු පළාත් සභා මන්ත්‍රී සුදත් බලගල්ල මහතා අදහස් දක්වමින්… ” ඊයේ දිනයේදී ජීවිතක්ෂයට පත්වූ කාන්තාවගේ නිවසට මීට වසර තුනකට පෙරදී වන අලි පහර දීමකින් සිදුවූ හානියේ වන්දි ලබා ගැනීමටත් පෙර වන අලියාට එම කාන්තාවට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වුණා. මහියංගනය යනු රක්ෂිත හතරකට මැදිව පිහිටා ඇති ප්‍රදේශයක් වන නිරන්තරයෙන් වන අලි ප්‍රහාරයන්ට ජනතාව පත් වෙනවා. මේ මරණයන්ට අලි නෙවෙයි වගකියන්න ඕන මේ රටේ පාලකයෝ. ඒ නිසා ආණ්ඩුව මේ ගැටලුවට වහාම විසඳුමක් ලබා දිය යුතුයි. නැති නම් මහියංගනයේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ දොරකඩට ගෙනත් විසඳුම් ලබා ගන්න තැනට පත් කරන්න එපා.” යනුවෙන් පැවසීය.

Facebook
Twitter
LinkedIn