ගෑස් මිල වැඩි කිරීමට අදාල සමාගම් අවුරුදු උත්සව සමයට පෙර දරණ ලද උත්සාහය තාවකාලිකව අකුලා ගැනීමට සිදුවීමෙන් පසුව බරපතල ගෑස් වංචාවක් සිදුකරමින් තිබෙන බවට තොරතුරු අනාවරණය කරමින් ලංකාටෘත් වෙබ්අඩවිය පසුගිය 17 වනදා පුවතක් පල කළ අතර පසුව අප්‍රේල් මස 21 වනදා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක්ද යොමු කර තිබිණි.
මේ වනවිට, ලිට්රෝ ගෑස් සමාගම විසින් පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරයකින් තොරව කිලෝ ග්‍රෑම් 12.5ක් තිබිය යුතු ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නියමිත බර ලීටර් 18ක් ලෙස සටහන් කර ඇති අතර එය කිලෝ ප්‍රමාණය ගත් විට කිලෝ ග්‍රෑම් 9.18 දක්වා අඩු කිරීමකි.
මේවන විට බස්නාහිර පළාත තුළ 12.5kgක ගෑස් සිලින්ඩරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 1493/= ක් වන අතර ඒ අනුව ගෑස් කිලෝ එකක මිල රුපියල් 119.44කි.
ලිට්රෝ සමාගම නවතම ක්‍රමවේදය අනුව ලීටර 18ක ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල් 1395/= කි. ( කිලෝ 9.18 කි ) ඒ අනුව ගෑස් කිලෝ එකක මිල වන්නේ 151.96කි.
එ් අනුව ඉතාමක් සූක්ෂම ලෙස ජනතාවට වංචා කරමින් ගෑස් කිලෝ එකකින් රුපියල් 32ක් පාරිභෝගිකයාට සිදු කරනු ලබන අතර ගෑස් සිලින්ඩරයකින් පාරිභෝගිකයාගෙන් ගසා කන මුදල රුපියල් 406.50කි. මේ අනුව පෙනී යන්නේ ලිට්රෝ ගෑස් සමාගම මෙරට පාරිභෝගිකයින් ගොනාට අන්දවමින් හා වලංගු නීති උල්ලංඝණය කරමින් කටයුතු කරනු ලබන් බවයි.
මීට අමතරව මෙම ගෑස්වල දහනය වන ප්‍රමාණයද අඩු බවත් 50% පමණ කාබන් ප්‍රතිශතයක් වායුගෝලයට මුදාහැරෙන බවටත් තොරතුරු වාර්තා වෙමින් තිබේ. ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙම ගෑස් පූර්ණ දහනයකට ලක් නොවන බවය. ඒ අනුව මෙය ප්‍රමිතියද බාල කර ඇති අතර එය පාරිසරික ප්‍රශ්නයක් ලෙස මතුවන්නකි.









