කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය ශ්රේෂ්ඨාධිකරණය විසින් අද (23) අවසන් කර තිබේ.
ඒ අනුව, පෙත්සම් විභාගය අවසන් කළ ශ්රේෂ්ඨාධිකරණය එම පනත් කෙටුම්පතේ ව්යවස්ථානුකූල භාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව නියෝග කර ඇත.
ශ්රී ලංකා නීතිඥ සංගමය, ජනතා විමුක්ති පෙරමුණ, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, විකල්ප ප්රතිපත්ති කේන්ද්රය ඇතුළු සංවිධාන ගණනාවක් ඉදිරිපත් කර තිබෙන පෙත්සම්, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, ප්රියන්ත ජයවර්ධන, මුර්දු ප්රනාන්දු සහ ජනක් ද සිල්වා යන ශ්රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැණිනි.
Views: 0










