වරාය නගරය ස්ථාපනය කිරීමට අදාළව ඉදිරපත් කර ඇති ‘වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත“ ගෙන ඒම ශ්‍රී ලංකාව තුළ තවත් රටක් ස්ථාපනය කිරීමේ වෑයමක් බවත්, මෙය රටේ ස්වෛරීත්වය පාවාදීමක් බවත්, ජාතික භික්ෂු පෙරමුණේ ලේකම්, වකමුල්ලේ උදිත හිමියෝ පවසති.
වැඩිදුරටත් අදහස් පළ කළ උන්වහන්සේ, ‘මෙම පනත සම්මත වුවහොත්, ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක නීති පද්ධතියෙන් නියාමනය නොවන, මූල්‍ය විධිවිධානවලින් පාලනය නොවන, ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට බාධාකාරී භූමි ප්‍රදේශයක් ස්ථාපනය වීමේ හැකියාවක් පවතිනවා. එය රට තුළ තවත් රටක් නිර්මාණය වීමක් ලෙස ඉතා පැහැදිලිව කිය හැකියි. මේ නිසා ප්රභාකරන්ට නොහැකිවූ දෙය ගෝඨාභය විසින් සිදුකරන්නේ දැයි කෙනෙකු සිතීම වැළැක්විය නොහැකියි. 73 වසරක් රට පාලනය කළ පාලකයන්ගේ අසමත්කමින් අපගේ මාතෘභූමිය අන්තයටම අසමත් කර තිබෙනවා. මෙතෙක් කලක් වර්ග කිලෝමීටර් 65,610න් අත්කර දීමට නොහැකි වූ ආර්ථික සමෘද්ධිය අක්කර 1,115ක් පමණ වන වරාය නගරයෙන් අත්කර දෙනවාය කීම ම පාලකයන්ගේ අසමත්කමත්, අමනකමත් පෙන්වන ප්‍රකාශයක්“ යනුවෙන් වැඩිදුරටත් උන්වහන්සේ පවසති.
ලංකා සතිඅන්ත ජාතික පුවත්පත – සිසර යාපා










