මෙරට ව්‍යවසාය කිහිපයක කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා ආයෝජකයන්ට විකිණීමට සැලැසුම් කර තිබේ. එම ව්‍යවසායයන්ගෙන් කිහිපයක කොටස් විකිණීම වෙනුවෙන් වන අයැදුම්පත් කොළඹ කොටස් වෙළෙඳපොළට මේ වන විට ඉදිරිපත් කර තිබෙන බව අනාවරණය වේ. පසුගිය කාලසීමාව තුළ වරින්වර වාර්තා වූ පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා පෞද්ගලික ආයෝජකයන් කැඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බව මේ පිළිබඳව අදහස් දක්වමින් කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී, රජීව බණ්ඩානායක සඳහන් කළේය.
ලංකා සතිඅන්ත ජාතික පුවත්පත – සිසර යාපා
Views: 0










