කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කොට්ඨාස කීපයක පාසල් තුනක් දින නියමයක් නොමැතිව වසා දැමූ බව නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු පවසයි.
මහඔය අධ්‍යාපන කලාපයේ කුඩා හරස්ගල විදුහලේ සිසුන් කීප දෙනකුට කොවිඩ් – 19 වයිරසයට ආසාදනය වීම නිසා එම පාසල වසා දමා ඇති අතර ත්‍රිකුණාමලය අභයපුර විදුහලේ විදුහල්පතිවරයාට කොවිඩ් – 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා එම විදුහලද වසා දමා ඇත.
චීනවරාය දෙමළ විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිට හා ගුරුවරියකට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා එම විදුහලද වසා දැමූ බව පළාත් ලේකම්වරයා සඳහන් කරයි.
තවත් පාසල් තුනකින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම නිසා එම සිසුන්ගේ පන්තිකාමර පමණක් තාවකාලිකව වසා දැමූ බව ඔහු පවසයි.
Views: 0










