පොදු සමාව යටතේ මියන්මාරයේ සිරකරුවන් 25,000ක් සමග නිදහස ලැබූ ලාංකිකයින් අද දිවයිනට

පොදු සමාව යටතේ මියන්මාරයේ සිරකරුවන් 25,000ක් සමග නිදහස ලැබූ ලාංකිකයින් අද දිවයිනට

මියන්මාර් මුහුදු සීමාව උල්ලංඝණය කළේ යැයි සඳහන් කරමින් පසුගිය පෙබරවාරි 11වනදා රාත්‍රියේ සහ 12 වනදා අළුයම එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනෙකුට එරට අධිකරණයක් විසින් වරදකරුවන් කර තිබූ අතර පසුව මියන්මාරයේ පවතින අවුරුදු චාත්‍රිකයක් අනුව සිරකරුවන්ට ලබා දෙන පොදු සමාව යටතේ එරට අත්අඩංගුවේ පසුවන සිරකරුවන් 25,000කට නිදහස ලබාදීමට මියන්මාර් රජය කටයුතු කර තිබූ අතර ලාංකික ධීවරයින් 12 දෙනාද ඊට අයත්වී සිටියහ.

එම ධීවරයින් අද මියන්මාරයේ සිට ගුවන් මඟින් සිංගප්පුරුව වෙත ගමන් කර එහි සිට කොළඹ දක්වා පැමිණිමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ එම ධීවරයින් මෙරටට පැමිණිමෙන් පසු නිරෝධායනය සඳහා යොමු කිරීමට සැලසුම් කර ඇති බවය.

Facebook
Twitter
LinkedIn