පොදු සමාව යටතේ මියන්මාරයේ සිරකරුවන් 25,000කට නිදහස… ලාංකිකයින් පිරිසකුත් ඒ අතර…

පොදු සමාව යටතේ මියන්මාරයේ සිරකරුවන් 25,000කට නිදහස… ලාංකිකයින් පිරිසකුත් ඒ අතර…

මියන්මාරයේ පවතින අවුරුදු චාත්‍රිකයක් අනුව සිරකරුවන්ට ලබා දෙන පොදු සමාව යටතේ එරට අත්අඩංගුවේ පසුවන සිරකරුවන් 25,000කට නිදහස ලබාදීමට මියන්මාර් රජය තීරණය කර ඇති බවත් ඒ අතර ලාංකික ධීවරයින් 12 දෙනෙකුද සිටින බවත් වාර්තා වේ.

ඊයේ දිනය එනම් අප්‍රේල් 17 වැනිදා එරට සමාප්‍රායික පොදු සමා දිනයක් වන අතර එය අලුතු අවුරුදු සැමරුම නිමෙත්තෙන් සිදු කරනු ලබන කටයුත්තකි.

මියන්මාර් මුහුදු සීමාව උල්ලංඝණය කළේ යැයි සඳහන් කරමින් පසුගිය පෙබරවාරි 11වනදා රාත්‍රියේ සහ 12 වනදා අළුයම එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනෙකුට එරට අධිකරණයක් විසින් පසුගියදා සිරදඬුවම් ලබාදී තිබිණි.

මේ අතර අදාළ ධීවරයින් නිදහස් කිරීම පිළිබඳව හෙට (19) වනවිට නිශ්චිත තොරතුරක් ලැබෙනු ඇතැයිද වාර්තා වේ.

මෙම සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය මෙසේ වාර්තා කර තිබිණි.

  1. Myanmar to free almost 25,000 prisoners in largest amnesty in years
  2. Myanmar pardons more than 24,000 prisoners in amnesty
  3. Myanmar frees over 20,000 prisoners from jail
  4. Myanmar Presidential Pardon Condemned for Exclusion of Political Prisoners
Facebook
Twitter
LinkedIn