කොළඹ වරාය නගර පරිශ්‍රයේ ඉඩම්වල අයිතිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇමතිවරු පරස්පර ප්‍රකාශ සිදුකරන අතර ඊයේ (17) කහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය ඇමතිවරයා එකම මාධ්‍ය හමුවේදීද පරපස්පර විරෝධී ප්‍රකාශයක් කර තිබේ.
කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ වරාය නගර කොමිෂන් සභාව පිහිටුවීමෙන් පසුවද එම පරිශ්‍රයේ ඉඩම් අයිතිය නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින බවය. එම ඉඩම් ශ්‍රී ලංකාවට අයත් නොවන්නේ යැයි ගෙනියන ප්‍රචාර අසත්‍ය බවද කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා විවිධ කරුණු දක්වමින් අවධාරණය කළේය.
එහෙත් එම මාධ්‍ය හමුවේදීම මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කබ්රාල් රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරනු ලැබූවේ මෙම කොමිෂන් සභා පනත සම්මත වීමෙන් පසු අදාළ ඉඩම් නගාරික සංවර්ධන අධිකාරයෙන් කොමිෂන් සභාවට පවරා ගන්නා බවය.
Views: 0










