ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ගිවිසුම් ගත ක්‍රිකට් ක්‍රීඩකයන් 100කට අධික ප්‍රමාණයකට පසුගිය ලෝක කුසලානයෙන් පසුව මුදල් ගෙවා නැති බව අනාවරණය වෙයි.
මේ බව හෙළිදරව් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති උපාලි ධර්මදාස මහතා ඊයේ (26) බී.බී.සී. සේවයට කළ ප්‍රකාශයකිනි.
මේ අනුව ක්‍රීඩකයන්ට ඩොලර් බිලියන 4ත් 5ත් අතර ප්‍රමාණයක මුදලක් ගෙවීමට ඇති බවත් පසුගිය ලෝක කුසලාන තරගාවලිය සදහා අධික ණය බරක් දැරීමට සිදුවූ නිසා මෙම තත්වයට මුහුණ දීමට සිදුවූ බවත් ලබන මාස දෙක සදහාද ගෙවීම් සැක සහිත බවත් එම මුදල් පසුගිය ලෝක කුසලාන තරගයේ මුදල් ලද වහාම ගෙවන බවත් ඒ මහතා වැඩිදුරටත් බී.බී.සී සේවයට පවසා සිටියේය.
6









