ලතින් ඇමරිකාව පුරා සමාජවාදී රැල්ලක් හමාගෙන යන මේ මොහොතේ කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ 8වැනි ඓතිහාසික සම්මේලනය ඊයේ සිකුරාදා දිනයේදී එරට අගනුවර හවානා නුවරදී නියෝජිතයින් 3000 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ආරම්හ විණි. මෙම සම්මේලනයේදී කියුබානු විප්ලවයේ නියමුවෙකුවුත් වර්තමාන ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ තම දේශපාලන ජිවිතයෙන් විශ්‍රාම යාමට නියමිත බව පැවසේ. වර්තමාන එරට අගමැති Diaz-Canel පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස පත්කර ගැනීමට නියමිතය.
සමුළුව ආරම්හ කරමින් රාවුල් කැස්ත්‍රෝ මෙසේ පැවසීය. ” ලොව සියළු විප්ලවාදීන් සේම මාහටත් තම ජීවිත කාලයේ යම් අවස්ථාවකදී විවේකය අවශ්‍ය වෙනවා. කියුබානු ජනතාව වෙනුවෙන් සමාජවාදය වෙනුවෙන් මා ලබා දුන් දායකත්වය පිළිබඳව මා සතුටු වෙනවා. කියුබාවේ අනාගතය ගැන මට බියක් නෑ. කිසිදු අයෙක් සැකයක් තබා ගත යුතු නෑ. මගේ ජිවිතයේ අවසාන මොහොත දක්වා මව්බිම වෙනුවෙන්, සමාජවාදයේ හා ආරක්ෂාව වෙනුවෙන් මා පෙනී සිටිනවා. ඒ උසස් අරමුණු වෙනුවෙන් දිවිහිමියෙන් සටන් වදිනවා. ඒ සඳහා අවශ්‍ය ජවය හා ශක්තිය මා සතුව තවමත් පවතිනවා”.
කියුබාවට එරෙහිව ඇමරිකාව විසින් පනවා ඇති සම්බාධක පිළිබඳවද ඔහු මෙසේ පවසා සිටියේය. “කියුබානු විප්ලවය හා සමාජවාදය පවා නොදෙන ඕනෑම කොන්දේසියක් යටතේ ඇමරිකාව සමග සම්බන්ධකම් පවත්වාගෙන යාමට සුදානම්” මෙම ම්ලේච්ඡ ආර්ථික සම්බාධක ඔස්සේ කියුබාවේ ගෙල සිර කර රට තුල සමාජීය පිපිරීමක් ඇමරිකාව අපේක්ෂා කලද එය අසාර්ථක වී ඇතිබව ඔවුන් දැන්වත් තේරුම් ගත යුතුයි”
සිකුරාදා ආරම්හ කල කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනයේදී පක්ෂයේ නායකත්වය නව තරුණ පරම්පරාවට ලබාදීමට නියමිතය. කියුබාවට එරෙහිව 1962 සිට පැනවූ ආර්ථික සම්බාධක ට්‍රම්ප් ගේ පාලන කාලය තුලදී නැවතවරක් උත්සන්න වූ අතර බයිඩන් පාලනය තවමත් ඒ සමබන්ධයෙන් තවමත් ප්‍රකාශයක් සිදු කර නොමැත.
කියුබානු සමාජවාදී විප්ලවයේ උන්නතිය හා එහි පැවැත්ම වෙනුවෙන් කැප වෙන බවත් ෆිදෙල්, රාවුල් හා විප්ලවය වෙනුවෙන් දිවිපිදු සියළු සහෝදරවරුන්ගේ වීරත්වය හා උරුමය ආරක්ෂා කරනු ලබන බව කියුබානු අගමැති Miguel Diaz-Canel සමුළුව අමතමින් ප්‍රකාශ කළේය. ජුලි 26 ව්‍යාපාරයේ සාමාජිකයෙකයන් වන commandant Ramiro Valdés හා osé Ramon Machado Ventura ද මෙම සම්මේලනයට සහභාගී වී සිටියහ.









