කැස්බෑවුන් ලක්ශයක් මරණයට

කැස්බෑවුන් ලක්ශයක් මරණයට

ශ්‍රී ලංකාවේ මුහුදු ප්‍රදේශවලට පොලිතින් හා ප්ලාස්ටික් මුදාහැරීම හේතුවෙන් පසුගිය වසර 10 තුළ ලංකාව අවට මුහුදේ කැස්බෑවුන් ලක්ෂයක් පමණ මරණයට පත්ව ඇතැයි පරිසර ඇමති මහින්ද අමරවීර අවධාරණය කරයි.

පසුගිය දා අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙය අනාවරණය කළ ඇමැතිවරයා, වාර්තාවලට අනුව දිනකට ලන්ච්ෂීට් ලක්ෂ දහයක් පරිසරයට මුදාහරින බවත් එසේ ම වසරකට ෂොපින් බෑග් කෝටියකට වැඩි ප්‍රමාණයක් මුදාහරින බවත් ප්‍රකාශ කරයි.

මෙය පරිසරයට සිදුකරන විශාල හානියක් බව පෙන්වා දුන් ඇමතිවරයා සුපර් මාර්කට් හරහා ෂොපින් බෑග් නිකුත් කරන ප්‍රමාණය විශාල ලෙස වැඩිවී තිබෙන බැවින් අවුරුදු උත්සව සමයේ එම බෑග් කොතරම් ප්‍රමාණයක් එම වෙළෙඳසල්වලින් නිකුත් කර තිබේදැයි තමාට තොරතුරු වාර්තාවක් ලබාදෙන ලෙසද මේ සාකච්ඡාවේදී අදාළ නිලධාරීන්ට දැනුම් දී තිබේ.

සුපර් මාර්කට්වලින් භාණ්ඩ මිලදී ගැනීමට එන පාරිභෝගිකයනට ෂොපින් බෑග් නිකුත් කිරීම තමන්ටද බරපතළ ප්‍රශ්නයක් වී තිබෙන බැවින් මේ සඳහා විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීම සුදුසු බව සුපර් මාර්කට් වෙනුවෙන් මේ සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයන් ඇමැතිවරයාට පෙන්වා දී තිබේ.

Facebook
Twitter
LinkedIn