ඉදිරියේදී 2021 වසරට අදාළව පාසල් ප්‍රධාන කඩඉම් විභාග 03ක් පැවැත්වීමට නියමතය. එනම් අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ, අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ 05 වසර ශිෂ්‍යත්ව යන විභාගයන් මෙලෙස පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා දින නියම කළ බව අද (09) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.
ඒ අනුව 2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 04 වැනිදා සිට එම මාසයේ 30 වැනිදා දක්වාත් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 03 වැනි දිනත් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගය 2022 වසරේ ජනවාරි මස අවසානයේදීත් පැවැත්වීමට තීරණය කර තිබේ.
කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් පාසල් විෂය මාලා නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට නොහැකි වූ බවද අධ්‍යාපන අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ ය.
Views: 0









