පළාත් සභා මැතිවරණය ගැන ඇමති ජනකගේ කැබිනට් පත්‍රිකාව ගැන තීරණය කල්යයි

පළාත් සභා මැතිවරණය ගැන ඇමති ජනකගේ කැබිනට් පත්‍රිකාව ගැන තීරණය කල්යයි

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් විසින් පළාත් සභා මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව ගැන තීරණය කල්දැමීමට ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැයති කැබිනට් මණ්ඩලය කර තිබේ.

එම පනතට අනුව 70%ක් කොට්ඨාස ක්‍රමයටත් 30%ක් සමානුපාතික ක්‍රමයටත් සභිකයින් තෝරා පත්කර ගැනීමටත් වන යෝජනාවට අමාත්‍ය මණ්ඩලය සිය එකඟතාව පළකර තිබේ.

කෙසේවෙතත් එක් කොට්ඨාසයකින් එකම පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙකු පත්කර ගැනීම සඳහා වන යෝජනාවක් එහි අඩංගුව අති බවත් එයට අමාත්‍ය මණ්ඩලයේ කිහිපදෙනෙකු සිය විරෝධය පළකර ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර ඇත්තේ එම යෝජනාව පක්ෂ නායක රැස්වීමකදී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා ලෙසය.

එතෙක් එම කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට නොගන්නා ලෙසද ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබාදී ඇති බවද සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්