රුසියානු-චීන ආර්ථික හා යුධ පෙරමුණට එරෙහිව සම්බාධක පැනවීමේ ඇමරිකානු හා බටහිර තීරණය හේතුවෙන් වඩාත් අර්බුධයට පත්ව ඇත්තේ ජර්මනියයි. එක්සත් යුරෝපයේ පරිභෝජනයෙන් ස්වභාවික ගැස් 40% සපයනුයේ රුසියාව විසිනි. එසේම චීනය සමග සිදුකරන ආර්ථික හුවමාරුවන් තුලදී 2020 වසරේදී 3% ක වර්ධනයක් (එනම් ඩොලර් බිලියන 256.7) පෙන්නුම් කරනු ලබයි. එහිදී ඇමරිකාව සමග ජර්මනිය උපයාගෙන ඇත්තේ ඩොලර් මිලියන 171.6ක් වේ. මේවනවිට ලෝක වෙළද පලේ චීන නිෂ්පාදන සමග කරට කර සටනක් දීමට හැකි එකම රට වනුයේද ජර්මනියේ කාර්මික නිෂ්පාදන වලට පමණි.
ඒ අනුව ජර්මනියේ කලබල වීම තේරුම් ගත හැකි බව බාහිර නිරීක්ෂකයින්ගේ මතයයි.
ඇමරිකාව හා ජර්මනිය අතර ගැටුම උග්‍ර වී ඇත්තේ රුසියාවේ Gazprom හා ජර්මනිය විසින් මේවනවිට ගොඩනගමින් සිටින 2500KM දිගින් යුතු ගෑස් නල ව්යකෘතිය වන Nord Stream 2 නිසාවෙනි. මෙය උක්රෙනයේ සිට මේ දක්වා යුරෝපයට ගෑස් ලබාගන්නා පැරණි නලයට අමතරව ගොඩනගමින් පවතින නව ව්යකෘතියකි. මේ සම්බන්ධයෙන් පෝලන්තය හා උක්රේනය තම විරෝධතාවය පළකර ඇත්තේ එමගින් තමන්ට සිදුවන ආර්ථික අලාභයන් හා ඔවුන් යුරෝපයෙන් හුදකලා කොට දුර්වල කිරීමට රුසියාව උත්සහ කරන බව අවධාරණය කරමිනි. කෙසේවෙතත් ඇමරිකාව මෙම ව්යාකෘතියට විරුද්ධවනුයේ ඔවුන්ගේ ෂෙල් ගෑස් වලට එමගින් යුරෝපීය වෙළඳ පලේ වටිනාකමක් නොමැතිවීම යාම හේතුවෙනි. මෙම ජර්මන්-රුසියානු ව්යාකෘතියට සම්බන්ධ වන යුරෝපීය සමාගම් වලට පවා දඩුවම් පමුණුවන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයා පසුගියදා පවසා තිබිණි.
නමුත් ජර්මානු වාන්ස්ලර් ඇන්ජෙලා මෙර්කෙල් මෙම චෝදනා උපහාසයෙන් යුතුව ප්‍රතික්ෂේප කරනු ලබයි. එක්සත් යුරෝපයේ කාර්මික අතින් දියුණු හා ඉහලතම ආර්ථික වර්ධන වේගය වාර්තා කරනු ලබන ජර්මනියට රුසියානු ස්වභාවික ගෑස් තම රසායනික ද්‍රව්‍ය කර්මාන්ත හා මෝටර් රථ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රවයක් බව ඇය පවසයි. ඇයට අනුව ඇමරිකන් ෂෙල් ගෑස් ගුණාත්මක අතින් දුර්වල හා එම ගෑස් පරිභෝජනයෙන් පරිසර හානිද සිදුකරනු ලබයි. එහෙත් පරිසර සංවිධාන විසින් රුසියානු-ජර්මන් ව්යාකෘතිය මගින්ද මීතේන් පරිසරයට කාන්දු වීමෙන් දුෂණය සිදුවන බව විවිධ පරිසර වාර්තා උපුටා දක්වමින් එයට විරෝධය පා ඇත.
කෙසේවෙතත් ආර්ථික වශයෙන් ජාත්‍යන්තරය තුල ජර්මනිය ලබාගෙන ඇති ප්‍රගතිය තුල ඇමරිකාවට හා ප්‍රංශයට එරෙහිව යම් බලපෑමක් කිරීමට එරටට හැකියාවක් ඇති බව නොරහසකි. කොරෝනා වසංගතය නිසා ඇතිවී තිබෙන ආර්ථික අවපාතය තුල යුරෝපීය රටවල් වලට වඩා වැදගත්වනුයේ ජර්මනිය විනා මේ වනවිට බරපතල අර්බුධ රාශියක එරී සිටින ඇමරිකන් අත්තනෝමතික යෝජනා සමග එකඟ වීමෙන් නොවේ. මෙම තත්වය හොඳින් අවබෝධ කරගෙන ඇති ජර්මන් පාලනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයට තුලටද ඇතුළු වීමට සාමාජික රටවලට දිගින් දිගටම බලකරමින් සිටි. නමුත් පළමුවන හා දෙවන ලෝක මහා යුද්ධයෙන් දරුණු ලෙස බැට කෑ රටක් ලෙස රුසියාවද ජර්මනියේ මෙම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරනු ලබයි.










