ගාලු වරායේ නීති විරෝධී පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට පණවා තිබෙන විදෙස් ගමන් තහනම අප්රේල් මස 23 වනදා දක්වා ලිහිල් කරන ලෙස කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කර ඇත.
එම නඩුව අද (29) ආදිත්ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට වෛද්ය ප්රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වීමට අවශ්යව තිබෙන බවත් ඒ සඳහා අධිකරණය මගින් පණවා තිබෙන විදේශ ගමන් තහනම මීළඟ නඩු දිනය තෙක් ඉවත් කරන ලෙසත් ඉල්ලා ඇත.
ඒ අනුව අධිකරණය භාරයේ පවතින සේනාධිපති මහතාගේ විදේශ ගමන් බලපත්රය රුපියල් ලක්ෂ 25 ක ශරීර ඇප මත මුදා හරින ලෙස ද විත්තිකරුට අප්රේල් මස 23 වන දා පෙරවරු 11 ට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද අධිකරණය නියෝග කර තිබේ.
එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර විරෝධය පළ කර නැත.









