නීතිපතිට සේවා දිගුවක්?

නීතිපතිට සේවා දිගුවක්?

මැයි මාසයේ සේවයෙන් විශ්‍රාම යාමට නියමිත නීතිපති දප්පුල ද ලිවේරා මහතාට සේවා දිගුවක් ලබාදීමට ආණ්ඩුවේ ඉහළ පෙළේ ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් සම්බන්ධයෙන් සෘජුව සිය තනතුරේ ස්ථාවරය ප්‍රකාශයට පත්කරනු ලැබූ නීතිපතිවරයෙකු ලෙස දප්පුලද ලිවේරා මහතා සැලකෙයි. එවන් පසුබිමක් තුළ ඒ මහතාගේ කාර්යක්ෂම සේවය සලකා බලා බොහෝවිට ජනාධිපතිවරයා විසින් සේවා දිගුවක් ලබාදීමට කටයුතු සිදුකෙරෙනු ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසේ.

මහබැංකු බැඳුම්කර වංචාවෙහි විත්තිකරුවන් වන හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුළු පිරිසක් මීට ආසන්න දිනයකදී බන්ධනාගාරගත කිරීමටද නීතිපතිවරයා කටයුතු කරනු ලැබීය.

Facebook
Twitter
LinkedIn