දේවානිගෙන් වෘත්තීය සමිතියක්

දේවානිගෙන් වෘත්තීය සමිතියක්

මේ වනවිට සමාජයේ දැඩි කතාබහට ලක්ව සිටින ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියගේ මූලිකත්වයෙන් වෘත්තීය සමිතියක් පිහිටුවා ඇති බව වාර්තා වේ.

අත්තිඩිය සොබාකෙත පරිශ්‍රයේදී පසුගිය 27 වැනි දින “පරිසරය උදෙසා රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුව” නමින් එම නව වෘත්තිය සමිති එකමුතුව නම් කර තිබේ. ඊට වන සංරක්ෂණ, වනජීවී සංරක්ෂණ සහ මධ්‍යම පරිසර අධිකාරිය යන රාජ්‍ය ආයතන තුනෙහි සේවකයින් ඒකාබද්ධව වී ඇත.

වෘත්තීය සමිතිය පිහිටුවීමට එක්වූ රාජ්‍ය සේවකයින් අවධාරණය කර ඇත්තේ මෙරට ඉඩම් සම්බන්ධයෙන් රාජ්‍ය ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කර පරිසරය සුරක්ෂිත කිරීම සඳහා සංරක්ෂණය කළ යුතු සහ සංවර්ධනය කළ හැකි ඉඩම් නිසි ලෙස හඳුනාගැනීමට ඒ අනුව කටයුතු කළ යුතු බවයි. පැහැදිලි ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කළයුතු බවයි. එහෙත් වර්තමානයේ සිදුවන්නේ සියලුම ඉඩම් සංවර්ධනයට අරන් ඉතුරුවෙන ඉඩම් පමණක් සංරක්ෂණය කිරීම නිසා පරිසර පද්ධති විනාශ වෙන බවයි.

Facebook
Twitter
LinkedIn