සූවස් ඇළ වසා දැමූ නෞකාව මුදාගනී

සූවස් ඇළ වසා දැමූ නෞකාව මුදාගනී

වැලි කුණාටු සහිත තත්වයක් හේතුවෙන් සූවස් ඇළ හරහා සිරවී තිබූ MV Ever Green නම් නෞකාව මුදා ගැනීමට හැකිවූ බව එම නෞකාව අයත් සමාගම ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කර තිබේ.

ලොව කාර්ය බහුලම නාවුක මාර්ගයක් වන සූවස් ඇළ හරහා මෙම දැවැන්ත නෞකාව දින 06 ක කාලයක් සිරවී තිබීම නිසා ඒ හරහා යාත්‍රා කිරීමට පැමිණි නෞකා විශාල ප්‍රමාණයක් මේ වනවිට අවට ප්‍රදේශයේ නැංගූරම් ලා තිබේ. මෙම දැවැන්ත නෞකාව සුවස් ඇලේ සිරවීම හේතුවෙන් ලොවපුරා නෞකා ගමනාගමනයෙන් සීයයට 30 ක අධික ප්‍රමාණයක් ඇණ හිටි බවත් යුරෝපය සිදු කෙරෙන භාණ්ඩ ප්‍රවාහනයට ඉන් දැඩි බලපෑමක් එල්ලවූ බවත් වාර්තා වේ.

මෙම නෞකාව මුදා ගැනීම සඳහා විශාල ප්‍රමාණයේ ටග් යාත්‍රා ඇතුළුව යාත්‍රා 12ක් සම්බන්ධවී ඇති අතර මුදා ගැනීමේ මෙහෙයුමේ නිරත සහන සේවකයින් පවසා ඇත්තේ ඊයේ (28) දිනයේදී නෞකාව සිරවී තිබෙන ස්ථානයෙන් මිටර් 30ක ප්‍රමාණයක් (අඩි 100) චලනය කිරීමට සමත්වූ බවයි.

Facebook
Twitter
LinkedIn