ඇමෙරිකාවේ ටෙක්සාස් හි පැවති මළල ක්‍රීඩා තරඟාවලියකදී මෙරට උස පැනීමේ ජාතික වාර්තාව බිඳ දැමීමට උෂාන් තිවංක පෙරේරා සමත් වී තිබෙනවා.
22 වැනි වියේ පසුවන උෂාන් තිවන්ක එහිදී මීටර් 2.28ක් උසක් පනිමින් පිරිමි උස පැනීමේ ඉසව්වේ එතෙක් පැවති ජාතික වාර්තාව වූ මීටර් 2.27ක වාර්තාව බිඳ දැමීමට සමත් තිබේ. මෙරට උස පැනීමේ වාර්තාව බිඳ වැටෙන්නේ වසර 16 කට පසුවය. 2004 වසරේදී මංජුල කුමාර විසින් මීටර 2.27 ක ජාතික වාර්තාව පිහිටවූ අතර, 2005 වසරේදී ඔහු එය යළි සම කිරීමට සමත්වුණා.
Views: 0










