මෙරටට ආනයනය කර තිබෙන පිරිපහදු නොකළ පොල්තෙල් සම්බන්ධයෙන් පවත්වනු ලැබූ දෙවන තත්ව පරීක්ෂවෙන්ද එම පොල්තෙල් තොගය අසමත්ව ඇති බව වාර්තා වේ.
ඇෆලටොක්සීන් නමැති පිළිකා කාරකය මෙම පිරිපහදු නොකළ පොල්තෙල්වල අන්තර්ගත බව පැවසෙන එක් සමාගමක තෙල් තොග මෙලෙස අසමත් වුවත් මෙවැනිම පිරිපහදු නොකළ පොල්තෙල් මෙට්‍රික් ටෝන් විශාල ප්‍රමාණයක් තවත් සමාගම් කිහිපයක් විසින් මෙරටට ගෙන්වා ඇති බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණි.
මෙම තත්ව පරීක්ෂාව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පවත්වා ඇති අතර ඔවුන් පවසා ඇත්තේ ඇෆලටොක්සීන් නියමිත ප්‍රමාණය ඉක්මවා පැවතීම හේතුවෙන් මෙලෙස තත්ව පරීක්ෂාවෙන් අසමත්ව ඇති බවයි. ඒ අනුව මෙම තෙල් තොගය ගෙන්වූ අදාළ සමාගමට තෙල් තොගය ප්‍රතිඅපනයනය කිරීමට සිදුවේ.
කෙසේ වෙතත් මෙම පිළිකාකාරක අඩංගු තෙල් තොග රේගුව විසින් මුදා හැර ඇති බව මේ වනවිට සමාජය තුළ දැඩි කතාබහක් මතුව තිබේ. පසුගියදා මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුළදීද කතාබහට ලක්විය.










