වීරවංසට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

වීරවංසට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

කර්මාන්ත ඇමති විමල් වීරවංස ප‍්‍රමුඛ කණ්ඩායමක් විසින් මාධ්‍ය හමුවක් පවත්වා 2006 අංක 27 දරණ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතේ විධිවිධානයන් උල්ලංඝනය කිරීමට එරෙහිව අද (26) පොලිස මූලස්ථානයට පැමිණිල්ලක් භාරදීම නියමිත බව වාර්තා වේ.

“දම්පල් දරුවෝ ජාතික සංවිධානය” විසින් මෙම පැමිණිල්ල භාරදීමට නියමිත අතර එහි දක්වා ඇත්තේ වීරවංස ඇමතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් 2021-03-17 හෝ ඊට ආසන්න දිනකදී කුරුඳු ආශ‍්‍රිතව නිෂ්පාදනය කරන ලද නීති විරෝධී සිගරැට්ටුවක් හඳුන්වාදෙමින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බව නිරීක්ෂණයට ලක්වී ඇත බැවින් ඊට එරෙහිව කටයුතු කරන ලෙසය.

එම මාධ්‍ය හමුවේදී කර්මාන්ත ඇමති ඇතුළු කණ්ඩායම විසින් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත චේතාන්විතව කඩකරමින් වරදක් කර ඇති බවට සාක්ෂි සිහිත ඇතැයි දම්පල් දරුවෝ ජාතික සංවිධානය පවසයි.

වීරවංස ඇමතිවරයාගේ මෙම ක්‍රියාකලාපයට එරෙහිව මීට පෙර ආයුර්වේද වෛද්‍යවරුන්, වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මෙන්ම සිවිල් පුරවැසියන්ගෙන්ද බලවත් විරෝධය පළවිය.

Facebook
Twitter
LinkedIn