ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස නැවත වරක් චමින්ද වාස් පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබේ.
මීට පෙරද චමින්ද වාස් මහතා පසුගිය පෙබරවාරි මාසයේදී එම තනතුර පත්කරනු ලැබුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් හි ක්‍රිකට් සංචාරය සඳහා පිටත් වීමට පැය කිහිපයක් තිබියදී ඉල්ලා අස්වීම පිළිබඳව ක්‍රිකට් ක්ෂේත්රය තුළ මහත් ආන්දෝලනයක් ඇති වී තිබුණි.
එම පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මාධ්‍ය වෙත දැක්වූ අදහස් මෙසේය…
“ඒක දැන් ආයෙත් සැරයක් චමින්ද වාස්ගෙන්ම ෆිල් වෙලා තියෙනවා. අපි ආයෙත් චමින්ද වාස් මහතාව අරගෙන තියෙනවා. තව දවස් දෙක තුනකින් ඒ පිළිබඳව මාධ්‍යට දැනුම් දෙනවා. ලංකාවේ ක්‍රිකට් දියුණුවෙන් දියුණුවට යන්න ඕනේ. ඒකට මීට වැඩිය හොඳ කමිටුවක් අපිට හමුවෙලාම නෑ. හම්බවෙන්නෙත් නෑ. අරවින්ද, රොෂාන් මහානාම, මුරලි, සංගා, මහේල මේ ඔක්කොම එකතුවෙලා තමයි මේකේ තීරණ අරගෙන අපිත් සමග සාකච්ඡා කරලා සුහදව කරගෙන යන්නෙ. ඒකෙ කිසිම ගැටලුවක් නෑ.” යනුවෙනි.










