ජවිපෙ නායක අනුර දිසානායක මහතා විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශවලට එරෙහිව WRIT 175/2021 අංකය යටතේ අභියාචනාධිකරණයට ගොනු කළ රීට් පෙත්සම අද (26) විභාගයට ගැණුනි. ජනාධිපති නීතීඥ රොමේෂ්ද සිල්වා මහතා අනුර දිසානායක මහතාගේ පෙත්සම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියහ.
ලබන 30වැනි අඟහරුවාදා දින පෙ.ව. 9.15ට නැවත මෙම පෙත්සම විභාගයට ගැනීමට නියමිත අතර එදිනට පෙත්සමේ කරුණු තහවුරැ කිරීම සඳහා පෙනී සිටින ලෙස නීතිඥයින්ට උපදෙස් දී තිබේ.
Views: 0










