රටේ පවතින සියලුම මද්රසා පාසැල් තහනම් කරන්නේ නැතැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සරත් වීරසේකර පවසයි. වයස අවුරුදු පහේ සිට දහසය දක්වා දරුවන් වෙනුවෙන් වෙන්කර ඇති ආගම සහ අරාබි භාෂාව පමණක් උගන්වන මද්රාසා පාසැල් පමණක් තහනම් කරන බවත් වයස අවුරුදු 16 ට වඩා වැඩි තරුණයන් වෙනුවෙන් වෙන්කර ඇති මද්රසා පාසැල් තහනම් කරන්නේ නැති බවත් ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.
කුඩා දරුවන් සඳහා වන මද්රසා පාසැල් තහනම් කරන්නේ ඒවා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුකුල නොවන නිසා යැයි පවසන සරත් වීරසේකර ඇමතිවරයා යමෙකුට මව්ලවිවරයෙකු වීමට අවශ්‍යතාවයක් ඇත්නම් වයස අවුරුදු 16 වඩා වැඩි අය වෙනුවෙන් පිහිටුවා ඇති මද්රසා පාසලකින් අධ්‍යාපනය ලබාගත හැකි බව පවසයි.
Views: 0










