දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශන ජනාධිපති කොමිසම යනුවෙන් නම්කර තිබෙන කොමිසම විසින් නිකුත් කරන ලද වාර්තාව අනුව විවිධ කරුණු සම්බන්ධයෙන් චූදිතයන් යැයි නම් කර සිටින පුද්ගලයන් 06 දෙනෙකු එම කොමිසමේ නිර්දේශවලට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබේ.
මෙසේ පෙත්සම් ඉදිරිපත් කළ අය වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක – අනුර දිසානායක, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – රවී සෙනෙවිරත්න, හිටපු නාවික හමුදාපති – ට්‍රැවිස් සිඤ්ඤයියා, හිටපු අග්‍රාමාත්‍ය ලේකම් – සමන් ඒකනායක, විශ්‍රාමික නාවික හමුදා අද්මිරාල් – සුසිත් වීරසේකර සහ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ – ආනන්ද විජේපාල යන අය වෙති.
එම පෙත්සමෙන් මූලික කරුණු කිහිපයක් අභියෝගයට ලක්කර ඇත. මෙම ජනාධිපති කොමිසමට ඇති නීතිමය බලය, කොමිසම කටයුතු කළ ආකාරය මෙන්ම බලය අයුතු ලෙස යෙදවීම පිළිබඳව පෙත්සම් කරුවන් විසින් අභියෝගයට ලක්කර තිබේ.










