ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයට අයත් නුගේගොඩ, විජේරාම ප්‍රදේශයේ පිහිටා තිබෙන ශ්‍රී විජේරාම මහා විද්‍යාලය වසා දමා එයට අයත් අක්කර පහක් පමණ ඉඩම විකුණා දැමීමේ සැකයක් පිළිබඳව ආන්දෝලනාත්මක තත්වයක් ඇති වී තිබේ.
ආණ්ඩුවේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මධුර විතානගේ මූලික වී වත්මන් ආණ්ඩුවට සමීපතම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන දිලිප් ජයවීර සහ දම්මික පෙරේරා සමඟ මෙම පාසල් භූමිය නිරීක්ෂණයට ගොස් ඇති බව මාධ්‍ය මගින් හෙළිකර තිබේ. ඔවුන් එලෙස පාසලට බලහත්කාරයෙන් ඇතුළු වී ඇත්තේ පාසල් ගේට්ටුව වසා දැමීමට යොදා තිබූ ඉබ්බන් කඩාගෙන බව හෙළිවී ඇත.
මේ සම්බන්ධයෙන් මධුර විතානගේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ සංවර්ධන කමිටු රැස්වීමේදී ගන්නා ලද තීරණයක් මත මෙම නිරීක්ෂන චාරිකාව සිදුකළ බවය. එහෙත් මෙම චාරිකාව සඳහා ආණ්ඩුවේ සමීපතම කුප්‍රකට ව්‍යාපාරිකයන් සහභාගී කර ගැනීම පිළිබඳව ඔහු පැහැදිලි කර නැත.










