රස්නායකපුර පොලිසිය ඉදිරිපිටදී උද්ඝෝෂණයක්…

රස්නායකපුර පොලිසිය ඉදිරිපිටදී උද්ඝෝෂණයක්…

මීට දින අටකට පෙර නිකවැරටිය ප්‍රදේශයේ තරුණයකුට උදැල්ලකින් පහරදුන් බව කියන නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ නිරත පුද්ගලයකු අත්අඩංගුවට නොගැනීමට එරෙහිව ප්‍රදේශයේ ජනතාව විරෝධතාවයක් පවත්වා තිබේ.

අද (25) දින ප්‍රදේශවාසීන් මෙලෙස පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් රස්නායකපුර පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා තිබේ. විරෝධතාකරුවන් පවසන්නේ පහරකෑමට ලක්වූ තරුණයා බරපතළ තුවාල ලබා දින අටක් තිස්සේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියත් පහරදුන් නීතිවිරෝධී මැත්පැන් ජාවාරම්කරු පොලිසිය අත්අඩංගුවට නොගත් බවයි. මත්පැන් ජාවාරම්කරුට ඇති දේශපාලන හයිය හේතුවෙන් පොලීසිය අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රදේශවාසීන් පොලිසියට චෝදනා කරති.

Facebook
Twitter
LinkedIn