කොළඹ ගාලු මුවදොර පිටියේ අතුරා ඇති තණ පිඩැලි නඩත්තු කිරීම සඳහා වරාය අධිකාරියේ මුදල් රුපියල් මිලියන 125ක් වෙන්කර ඇති බව අනාවරණය වේ.
මෙම මුදල මෙම වර්ෂයේ සිට යෙදවීමට ක්‍රියාකර ඇත. මෙතරම් යෙදවුවද, එහි නඩත්තු කටයුතු සඳහා නාවික හමුදාව සහ වරාය අධිකාරියේ සේවකයන්ද යොදවා ඇති බව වැඩිදුරටත් හෙළිවේ.
මාර්තු 22වැනිදා වරාය අධිකාරියේ වෘත්තීය සමිති සහභාගී වූ එම අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවකදී මෙම තොරතුරු හෙළිවී තිබේ.
Views: 0










