2007 වසරේදී අතුරුදන් වූ තම පුතා සොයා දෙන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලමින් වවුනියාව නගරයේ දින 1496ක කාලයක් අඛණ්ඩ උපවාසයක නිරත වූ පියකු හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ වවුනියාව විනයාගපුරම් ප්රදේශයේ පදිංචි කනකයියා රංගනමූර්ති නමැති 63 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහුගේ පුතා වන ආර්සෙල්වනාදන් නමැත්තා, 2007 වසරේදී වවුනියාව නගරයේ කම්කරු රැකියාවක නිරතව සිටි තම පියාට දිවා ආහාරය රැගෙන යමින් සිටියදී කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යෑම නිසා අතුරුදන් වී තිබේ.
තම පුතා සොයා දෙන ලෙස ඉල්ලමින් තවත් පිරිසක් සමඟ වවුනියාව නගර ආසන්නයේ උපවාසයක යෙදී සිටියදී මේ තැනැත්තා හදිසියේ අසනීප වී ඇති අතර ඔහුව රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ.
මව්බිම
Views: 0










