ග්‍රාම නිලධාරිනියකට සහ දරු දෙදෙනාට කොරෝනා

ග්‍රාම නිලධාරිනියකට සහ දරු දෙදෙනාට කොරෝනා

අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ ග්‍රාම නිලධාරිවරියකට සහ ඇයගේ දරු දෙදෙනාට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බව අලව්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

ආරක්ෂක සේවයේ නියුතු ග්‍රාම නිලධාරිවරියගේ සැමියාට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැනීමෙන් පසු ග්‍රාම නිලධාරිනිය සහ දරු දෙදෙනා නිවසේම ස්වයං නිරෝධායනයට පත් කිරීමෙන් අනතුරුව ඔවුන් තිදෙනාට සිදු කළ PCR පරීක්ෂණයෙන් ඔවුන් තිදෙනාද ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.

ඒ අනුව ග්‍රාම නිලධාරිනිය සහ දරු දෙදෙනා දඹදෙණිය ගුරු විද්‍යාලයේ පවත්වාගෙන යන කොරෝනා පූර්ව ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා යොමු කිරීමට අලව්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීහු කටයුතු කර ඇත.

Facebook
Twitter
LinkedIn