ජල සම්පාදන මණ්ඩලයේ ඉන්ජිනේරු කාර්මික තාක්ෂණ හා තාක්ෂණ නොවන කළමනාකරණ සේවා කම්කරු ඇතුළු සියලු ශ්‍රේණිවලට අයත් නිලධාරීන්ගේ වැටුප් 25%කින් ඉහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය වාසුදේව නානායක්කාර එහි කළමනාකාරිත්වයට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
එම වෘත්තීය සමිති සමඟ අමාත්‍යවරයා ඊයේ (24) පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මෙම වැටුප් වැඩි කිරීම සිදුකර ඇති අතර තමන්ගේ වැටුප් ඉහළ දමන ලෙස එම වෘත්තීය සමිති පසුගියදා අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබිණි.
Views: 0










