මොණරාගල ගස් කපන්න බලත්‍රප 63,000ක්

මොණරාගල ගස් කපන්න බලත්‍රප 63,000ක්

මොණරාගල දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක් තුළ ගස් කැපීම සඳහා බලපත්‍ර 63,000ක් නිකුත් කර ඇති බව මාධ්‍ය වාර්තා පල වේ. මේ සඳහා අවසර ලබාදී ඇත්තේ පසුගිය 2020 වර්ෂයේදීය.

දැව අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් තේක්ක බුරුත, ගම්මාලු, කොස්, කළුවර, මැදිරිය, මිල්ල, හල්මිලල්, කුඹුක්, මී. සූරිය මාරා සහ කොහොඹ ඇතුළු වටිනා දැව ශාක මෙසේ කපා ඉවත් කිරීමට අවසර ලබාදී තිබේ.

වැඩිම අවසරපත්‍ර ප්‍රමාණයක් වැල්ලවාය, බිබිල, මැදගම, සියඹලාණ්ඩුව සහ මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලින් ලබාදී ඇති බව හෙළිකර තිබේ.

Facebook
Twitter
LinkedIn