රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයන් පිටුවහල් කිරීම අරඹයි

රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයන් පිටුවහල් කිරීම අරඹයි

කොවිඩ් – 19 වසංතය ලෝකය පුරා පැතිර යාමත් සමඟ විදේශ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා අහිමි වී මවු රට පැමිණීමට සූදානමින් සිටියද ආණ්ඩුව ඒ සඳහා ක්ෂණික සහ විදිහත් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මේ වනවිට ඔවුන්ව පිටුවහල් කිරීමට පටන්ගෙන තිබේ.

කුවේට් රාජ්‍යයේ සිටි ශ්‍රී ලංකිකයන් 112 දෙනෙකු මෙලෙස පිටුවහල් කිරීමෙන් ආපස් පැමිණ තිබේ. එම මුල්ම කණ්ඩායම 24 වනදා රාත්‍රියේ විශේෂ ගුවන්යානයකින් මෙරටට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්ය භාර්යය නිලධාරියා මේ බව තහවුරු කර ඇත. කොවිඩ් – 19 වසංගතයත් සමග අනාරක්ෂිත වීමෙන් ඔවුන් රැඳී සිටි නිවෙස්වලින් ආරක්ෂිත ස්ථාන සොයා ගිය පිරිසක් කුවේටයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවටගෙන පිටුවහල් කර ඇත.

Facebook
Twitter
LinkedIn