දින 83ට වන අලි 83 මරා දමලා

දින 83ට වන අලි 83 මරා දමලා

2021 වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළදී මෙරට වන අලි 83 දෙනෙකු මියගොස් ඇති බව වනජීවී හා වන සංරක්ෂක අමාත්‍යංශය පවසයි.

ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී එම අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මේ බව ප්‍රකාශ කර තිබේ. විදුලි සැර වැදීම්, වෙඩිතබා මරා දැමීම් ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම වන අලි මරණයට පත්ව තිබේ.

මේ වනවිට මෙරට සමස්ත වන අලි ඇතුන්ගේ සංඛ්‍යාව 7500කට ආසන්න බවත් දිනෙන් දින ඉහළ යමින් තිබෙන වන විනාශය හේතුවෙන් ඉදිරියේදී තවදුරටත් වන අලි සහ මිනිස් ගැටුම් ඉහළ යා හැකි බව පරිසරවේදීහු අනතුරු අඟවති.

Facebook
Twitter
LinkedIn