ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු නාදුනන කාන්තා මළ සිරුරක් අද (25) හමුවී තිබේ.
එම මල සිරුර සොයාගෙන ඇත්තේ එම ජලාශයේ නාඳුණන මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින් පොලීසියට ලබාදුන් තොරතුරක් මත ය.
මළ සිරුර හමුවි ඇත්තේ තලවකැලේ සුමන විද්‍යායට ආසන්නයේ ජලාශයේ පාවෙමින් තිබියදීය.
මේ වනවිට ජලාශයේ පාවෙමින් තිබු එම සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.
Views: 0










